Connect with us

පුවත්

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සඳුදා (Update)

Published

on

අපවත් වී වදාල හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අගෝස්තු 05 වැනිදා සිදුකිරීමට නියමිතය.

ආදාහන පූජෝත්සවය විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.

‘පොඩි හාමුදුරුවෝ’ ලෙස ජනප්‍රිය පූජ්‍ය ඥාණිස්සර හිමියෝ අද (02) අපවත් වනවිට 81 වැනි වියේ පසු වූහ.


(පෙර පුව​ත 2024 අගෝස්තු 02, ප.ව. 1:48)

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියෙහි පසුවී තිබේ.

පුවත්

ගම්පහ දුම්රියක් පීලි පනී

Published

on

By


ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින එන්න එපා – පොලීසියෙන් ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද (23) පස්වරු 5:30ට සිරි දළදා වන්දනාව 6වන දිනට අවසන් කෙරුණි.

ඒ අනුව අද දිනයේදී සැදැහැවතුන් 82,500 දෙනෙකු සිරි දළදා වන්දනාවට එක්වූ බව සඳහන් ය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනා කමිටුවෙන් නව තීරණයක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

මීට අමතරව සැදැහැවතුන් සඳහා සැපයෙන පහසුකම් සම්බන්ධයෙන් ද සිරි දළදා වන්දනා කමිටුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved