Connect with us

පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න තීරණයක් නෑ!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡා පවත්වා නැති බවත් ඒ පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමට යෝජනා පමණක් ඉදිරිපත් වී ඇති බව ද ඔහු මෙහිදී පැවසීය.

ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හි වෘත්තීය සමිති විසින් චෝදනා කර තිබුණේ ලාභ ලබන ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් හට විකිණීමට රජය සැරසෙන බවයි.

සබැඳි පුවත් :
ටෙලිකොම් ඉන්දියාවට; අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20) පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

අද (21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී ඇත.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හෙට පාසැල් නිවාඩුයි ද?

Published

on

By

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටී.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

ජාත්‍යන්තර තේ දින උත්සවය  අවලංගු කෙරේ

Published

on

By

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹ කිංස්බරි හෝටලයේ දී  මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ වලින් වැඩි කොටසක් මිල දී ගනු ලබන්නේ ඉරානය විසිනි.

එමෙන්ම ඉරානයෙන් ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආර්ථික අර්බුදය හේතුවෙන්  ගෙවීමට නොහැකිව සිටි අවස්ථාවේ ඒ සඳහා තේ ලබා ගෙන එම ණය මුදල් කපා හැරීමට ඉරාන රජය පියවර ගත්තේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved