Connect with us

ක්‍රීඩා

රොනාල්ඩෝට තරග තහනමක්

Published

on

සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී පරාජයට පත්වූ දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයකට ගසා එය බිම වැට්ටවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ඔහුට දේශීය තරග 2ක තහනමක් හා පවුම් 50,000ක දඩයක් නියම තර ඇත.

කෙසේවෙතත්, මෙය, ඝානාව සහ පෘතුගාලය අතර පැවැත්වෙන තරගයට එක්වන රොනාල්ඩෝට බලපෑමක් සිදුනොවේ.

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා නිල අනුග්‍රාහකත්වය “Amul”ට

Published

on

By

ICC පිරිමි T20   ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය මේ වනවිට ඉන්දියානු සමාගමක් විසින් බාරගෙන තිබේ.

ඒ ජාත්‍යන්තර මට්ටමේ කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගමයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස Amul සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූවේ,

“Amul ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්, ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධ වීම ස්ථිර වශයෙන්ම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත,”
යනුවෙනි.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ  2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට

Published

on

By

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර,

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තාය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved