Connect with us

පුවත්

වංචා කළැයි චීන්නු 307ක් මියන්මාරයේදී අත්අඩංගුවට

Published

on

දේශසීමා අතර සන්නිවේදන හා අන්තර්ජාල වංචා සිදුකළ බවට සැකකරන චීන ජාතිකයන් 307 දෙනෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය විසින් අගෝස්තු 21 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මියන්මාරයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුනු මෙම සැකකරුවන් හා අදාල සාක්ෂිද, චීන බලධාරීන් වෙත භාරදී ඇති බවයි.

මෙම සිද්ධි වලට සම්බන්ධ තවත් සැකකරුවන් නව දෙනෙකු ද චීන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ සිට මියන්මාරය සමඟ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව ගැඹුරු කරමින් අදාළ අපරාධ මැඩලීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කළ බවත්, එසේ අත්අඩංගුවට ගත් චීන සැකකරුවන් 50,000 කට අධික පිරිසක් චීන බලධාරීන් වෙත භාර දී ඇති බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

(මූලාශ්‍රය : CCTV +)

පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙතට

Published

on

By

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

Published

on

By

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.

මහවැලි අධිකාරිය සමග සම්බන්ධ වෙලා ඉන්න ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබා ගත්තා ඔවුන්ගේ ගොවි බිමේ විය යුතු වැඩ මොනවාද කියලා. ගොවි සංවිධාන 1,000කින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා ගොවි බිමේ ඇල වේලී ඉදි කිරීම්, කෘෂි මාර්ග ඉදි කිරීම් සහ වෙනත් ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙන වැඩ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු දැන් සකස් කෙරෙමින් පවතිනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන 1,000කට උපරිමය මිලියනය බැගින් මිලියන 1,000ක් වෙන් කරන්න.

මේකේ විශේෂත්වය තමයි මේක කරන්නේ ගොවි සංවිධානවලින් ඒ මුදල් ගොවි සංවිධාන වෙත ප්‍රදානය කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කටයුතු ඉවර වුණාට පස්සේ මැයි 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ලබා දෙන්න. ගොවිබිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදුවෙනවා”

Continue Reading

පුවත්

ලංගම හිටපු උප සභාපතිට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

සැකකරුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 ප.ව.2.24 )

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved