Connect with us

පුවත්

සජිත්ට අනුර පරාද කරන්න බෑ – රනිල් මහියංගනයේදී කියයි

Published

on

සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය.

හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කළ සජිත්ට අන්තිමට සිදුවුණේ අනුර දිසානායක තර්ජනයක් වීම යැයි ජනාධිපතිවරයා කීය.

මෙරට ඉතිහාසයේ සිට තරඟය තිබුණේ දෙන්නෙක් අතර බව කී ජනාධිපතිවරයා ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබූ බව පැවසීය.

අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නා අතර විපක්ෂ නායක විපක්ෂය බලාගත යුතු බව කී ජනාධිපතිවරයා තමා  විපක්ෂ නායක කාලේ එලෙස විපක්ෂයේම පක්ෂයකින් කිසිවෙකුත් අභියෝගයට නොආ බව කීය.

දැන් අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇතැයි කී ජනාධිපතිවරයා මේ වන විට සජිත්ට අනුර පරද්දන්නට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බව කීය.

සජිත් දැන් කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනු ඇති බව මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙහි පැමිණියේ ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස උරුමය සමඟ බව කීය.

පුවත්

දේශබන්දු අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16)  සිට දිනපතා රැස්වීමට නියමිතය.

විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇත.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරු 9.30 ට කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන් ය.

එම පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගන්නා ලදී.

මෙම පරීක්ෂණ කමිටුව විසින් ද පසුගිය 11 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂිකරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ ය.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Published

on

By

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත.

අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved