Connect with us

පුවත්

ආශු සමාව ඉල්ලයි (වීඩියෝ)

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හට කොන්දේසි විරහිත කනගාටුව පළ කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල පළ වී තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි බවත්, ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත කනගාටුව පළ කරන බවත් මාරසිංහ මහතා පවසයි.

පසුගිය සතියේ දී රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මාරසිංහ මහතා පවසා සිටියේ මහ බැංකු අධිපතිවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා සූදානමින් සිටින බවත් ඊට අදාළ ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් ය.

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading

පුවත්

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE)

Published

on

By

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.10.17 )

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට


සර්වජන බලවේගය කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවය.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.10.00 )

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹෙයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබේ.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.7.17 )

කොළඹ පුරපති තේරීමේ ඡන්දය අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වේ.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා පැවැත්වෙන බව සඳහන් කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවාය.

ඒ අනුව අද පෙ.ව. 9.30ට කොළඹ මහා නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, එහි නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved