Connect with us

පුවත්

හිටපු චීන ජනපති ගේ වියෝවට මෙරට ජනපති ශෝකය පළ කරයි

Published

on

චීනයේ හිටපු ජනාධිපති ජියැංග් සෙමින් මහතා අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

 අද (02) පස්වරුවේදී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට ගොස් ඇති ජනපතිවරයා එහිදී ශෝක ප්‍රකාශනය කෘතියටද අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පුවත්

මෛත්‍රී අදත් CID යයි

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

Continue Reading

පුවත්

වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

Published

on

By

අද (03) පස්වරුවේ වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය  විසින් ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.

මේ හේතුවෙන්, කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනය අවහිර වීම සිදුවිය.

නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

Continue Reading

පුවත්

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවතට

Published

on

By

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව රෙගුලාසියකට අද අත්සන් තබා ඇත.

ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින අත්සන් කිරීම සිදුවිය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී මෙම අත්සන් තැබීම සිදුකරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved