Connect with us

පුවත්

නව දේශපාලන පක්ෂ 07කට අනුමැතිය

Published

on

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභා තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය.

එලෙස අනුමැතිය ලැබූ පක්ෂ වන්නේ : එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයයි.

පුවත්

මෛත්‍රීගේ කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේය :

” පාස්කු සිද්ධිය ගැන දින එකොළහක් විවාද පැවැත්තුවා. මේ ප්‍රශ්නයට සියලු දෙනාට උත්තරයක් අවශ්‍ය නම් මේක දේශපාලනයට හරවගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේක බලන්න ඕන… පොලිසියත් ඒ අයගේ නීතිඥවරුන් එකතුවෙලා මේක බලන්න කියල මම කියනවා. පොලිසියේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු දේ බලලා ඔක්කොම එකතුවෙලා මේක අවසන් කරමු.  නැත්නම් මේ විවාද දිගටම තියේවි… හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. ඔහු මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ   සම්බන්ධතාවක් පිළිබඳව  කිසිවක් කියල නෑ. දැන් ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා.  ඒ නිසා මම ඒ ගැන වැඩි දුරටත් කතා කරන්න යන්නේ නැහැ… බුද්ධි අංශයේ සුරේෂ් සලේ  සහරාන් හසීම් සමග සබඳතා පවත්වා ඇතැයි කිසිදු වාර්තාවකින් තොරතුරු හෙළිදරව්වීමක් සිදුවී නැහැ… මේ පරීක්ෂණ අවසන් කරන්න අපිටත් අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනා මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලනවා.”

Continue Reading

පුවත්

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

Published

on

By

මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ අද (26) දවසේ ෆොන්සේකා මහතා තම අදහස් දක්වමින්, සහරාන් නිර්මාණය කරමින් ඔහුව වීරයෙක් බවට පත්කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) වත්මන් ප්‍රධානියා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි බව ප්‍රකාශ කර සිටියේය. 

ෆොන්සේකා මහතා කියා සිටියේ මේ අපරාධයෙන් අත සෝදා ගැනීමට උත්සාහ කලද ඒ අපරාධකරුවා නිර්මාණයට වූ දායකත්වයෙන් ගැලවී අත සෝදා ගැනීමේ හැකියාව සලෙයි ට නොමැති බවය. 

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, 

“සලෙයි, බුද්ධි අංශ වලින් මම අයින් කරලා තිබුණා. මම ගියාට පස්සේ ඔහුව ප්‍රධානියා බවට පත්කරා ගෝඨාභය. ඊට පස්සේ සලෙයිගේ දකුණු අත වගේ හිටපු බොනිපස් පෙරේරා , එයා නැගෙනහිර ආඥාපති වුනා. එයාගේ ෆයිල් එක මගේ ගාව තියෙනවා. නැවතත් එයා මඩගහන්න කතා කරොත් මේ ෆයිල් එක සමාජ මාධ්‍ය ජාලයට දානවා.  එයා මොනවක්ගේ චරිතයක් ද, ඇයි මම ඉන්නකොට එයාට උසස්වීම් පවා නොදුන්නේ කියලා මේ වගේ මිනිස්සු සහරාන් ආශ්‍රය කරා, සහරාන් වීරයෙක් කරා.”

මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදියෙකු හඳුනාගෙන කොටුකර ගැනීමේ ක්‍රියාවලිය කොමිෂන් සහ කමිටු හරහා කළ නොහැකි බවත් එවැනි කටයුතු සම්බන්ධයෙන් අදාළ හැකියාව සහ පළපුරුද්ද ඇත්තේ බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බවත් ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු සහ වගකීම පැහැර හැරිය පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය. 

(වීඩියෝ : VoiceTube)

Continue Reading

පුවත්

ජනාධිපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Published

on

By

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් අද (26) දින  අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොණු කරන ලදී.

එම සංගමය විසින් අදාල පැමිණිල්ල අද (26) පස්වරුවේ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට  ලිඛිතව ඉදිරිපත් කලේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර ඇති පොදු දේපල අයථා ලෙස භාවිතයට ගැනීමට එරෙහිව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ආචාර්‍ය කනපතිපිල්ලේ මහේසාන්, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න යන අයට විරුද්ධව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාව වෙත අදාළ පැමිණිල්ල ගොණුකර ඇත.

මෙහි දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, 

මාර්තු 10 දින කුලියාපිටියේ එජාපය විසින් පැවැත්වූ රැලිය සදහා ජාතික තරුණ සේවා සභාවට අයත් අංක NA 9099, NB 1389, NB 3384, NB 3383 දරණ වාහන අයථා ලෙස යොදාගෙන තිබුන බවය.

තව දුරටත් ඔහු සදහන් කලේ,

මහරගම ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමක්ද මෙම ” සැබෑව ” නමින් පවත්වන ලද දේශපාලන රැලියේ සංස්කෘතික අංගයක් ලෙස යොදාගෙන ඇති අතර මේ වන තුරුත් ඊට අදාල මුදල් ගෙවා නැති බවකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved