Connect with us

පුවත්

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයට ඉල්ලීමක්

Published

on



නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.

පසුගිය මස 23 වැනිදා අමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවේ ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බව පවසමිනි.

එහිදී ඔවුන් පෙන්වාදුන්නේ නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.

අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටියි.

එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගත්තේය.

ඒ අනුව මේ වන විටත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකවේ.

මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සදහන් කළේ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.

අනතුරුව අදාළ ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවේ පසුවේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved