Connect with us

පුවත්

පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට

Published

on

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්‍රදානය  කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී නුදුරු දිනක පැවැත්වීමට නියමිතය.

පසුගියදා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 31දා දක්වා අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබීය.

පුවත්

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී.

වැඩි විස්තර පහතින්,

Continue Reading

පුවත්

ඩයනාගෙන් විශේෂ හෙළිදරව්වක් ( වීඩියෝ )

Published

on

By

පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) තීන්දු කරන ලදී.

අද දවසේ  හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙවැනි පසුබිමක කොළඹදී අද (09) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඩයනා ගමගේ මහත්මිය සිය අදහස් දැක්වීම සිදු කළාය.

“මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.”

“ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.”

“මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.” 

“ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.”

“මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි”

( වීඩියෝ  –  Ada Derana )

Continue Reading

පුවත්

වෛද්‍ය විජිත් ගුණසේකර රක්ෂිත බන්ධනාගාරගත කරයි (Update)

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (09) පෙරවරුවේ රැගෙනවිත් තිබුණි.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නේය.


(පෙර පුවත 2024 මැයි 09, ප.ව. 12:17)

වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණයට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මිට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවේය

වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන්  සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) පැය 11 ක පමණ කාලයක්  ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව ඔහු අත්අඩංගුවට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved