Connect with us

පුවත්

ඇමති ප්‍රසන්න සජිත්ටත් ෂොට් එකක් දෙයි !

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කළ බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සභාගත කර ඇත.

එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ ස්තූති කතාව සිදුකරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සභාගත කර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

පුවත්

මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව  පසුගිය වර්ෂයේදී කෝටි සීයකට  වැඩි පාඩුවක් ලබා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය.

සිය වැටුප්  70%කින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  මෙලෙස  කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

Continue Reading

පුවත්

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස වාර්තා වන්නේ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකි.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් පසුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

මෙරට අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයකට චීනයෙන් සහය

Published

on

By

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් බවට පත්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබේ.

මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද  සිදුකර ඇත.

යෝජිත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර (Delivering Classroom), ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර (Receiving Classroom) සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක් (Data Center), චිත්‍රාගාරයක් (Studio Room), සම්ප්‍රේෂණ කාමරයක් (Conference Room) ලබා දීමට අපේක්ෂිතය.

එම උපාංග මඟින් මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ව සිදුකිරීම, සම්පත් බෙදාගැනීම, විශේෂ කුසලතා ඇති ගුරුවරුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබාදීම, ගුරුවරු හිඟ අවස්ථාවන්හිදී ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සහය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

අදාල ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved