Connect with us

පුවත්

මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

Published

on

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරයි .

කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා 0112 42 11 11, 0112 027 149 සහ 0112 013 244 යන විශේෂ දුරකථන අංක කිහිපයක්ද ක්‍රියාත්මක බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

හෝමාගම මාර්ගයකින් තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ

Published

on

By

වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.

පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved