මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරයි .
කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එමෙන්ම මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා 0112 42 11 11, 0112 027 149 සහ 0112 013 244 යන විශේෂ දුරකථන අංක කිහිපයක්ද ක්‍රියාත්මක බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය .