Connect with us

පුවත්

පාස්කු වන්දි මුදල් ගෙවා ඇති ආකාරය ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි

Published

on

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් කරනු ලැබූ නියෝග වලට අනුව මේ වන විට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.

මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම විය.

අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයි රාජා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පුවත්

ජනපති හා කොළඹ මහනගර සභාවට තේරුණ ස්වාධීන කණ්ඩායම් අතර සාකචඡාවක් 

Published

on

By

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ (19) පස්වරුවේදීය.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved