පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් කරනු ලැබූ නියෝග වලට අනුව මේ වන විට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම සිද්ධියට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.
මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම විය.
අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයි රාජා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.