Connect with us

පුවත්

අද රෑ 12න් පසු A/L සම්මන්ත්‍රණ තහනම්

Published

on

2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම උපදෙස්  පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බවත්, ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගෙන ඇතැයි ද පැවසේ.

එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතුය.

උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, විභාග මධ්‍යස්ථාන 2312 කදීය.

ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 333,185කි.

මේ අතර සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.

දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.

පුවත්

ජනපති හා කොළඹ මහනගර සභාවට තේරුණ ස්වාධීන කණ්ඩායම් අතර සාකචඡාවක් 

Published

on

By

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ (19) පස්වරුවේදීය.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved