2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බවත්, ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගෙන ඇතැයි ද පැවසේ.
එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතුය.
උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ, විභාග මධ්‍යස්ථාන 2312 කදීය.
ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 333,185කි.
මේ අතර සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.
දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.