Connect with us

පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Published

on

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තුමේන්තුව පවසන්නේ  උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 75ට වැඩි වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවය.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුවත්

O/L ප්‍රතිඵල එන්නේ ජුලි අග!

Published

on

By

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා කියයි.

විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

අද තද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් ව තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් (update)

Published

on

By

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති – නිශාන්ත වික්‍රමසිංහ මහතා ජූලි 01දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 
———————————————–

(පෙර පුවත : 2025 ජුනි 27 ප.ව. 3:04)

ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved