බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තුමේන්තුව පවසන්නේ උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 75ට වැඩි වැසි ඇතිවිය හැකි බවය.
මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවය.
ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.