Connect with us

කලා

“පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න” පුරුදුකරණ “සැප්තැම්බර්” Teaser එක එළියට (ඡායා)

Published

on

අධ්‍යක්ෂවරයෙක් හා ජනප්‍රිය නළුවකු වන බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කළ රවී රොද්‍රිගු නිෂ්පාදනය කළ “සැප්තැම්බර්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා බත්තර මුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වනු ලැබීය.

මේ බුද්ධිකගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඔහු මෙහි අධක්ෂකවරයා ලෙස කටයුතු කරමින් රංගනයෙන්ද දායකවීම විශේෂිතය.

2006දී දේදුනු වැස්ස බුද්ධික අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි.

නදීෂා හේමමාලි මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන අතර, ප්‍රවීන නළු සනත් ගුණතිලක, සචිනි අයේන්ද්‍රා, අශාන් ඩයස් හා මිලින්ද මඩුගල්ලේ ඇතුළු නළු නිළි පිරිසක් මෙයට දායක වී ඇත.

සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ යන දෙදෙනා විසින් “සැප්තැම්බර්” හි තිර පිටපත රචනා කර තිබේ.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් මසක් පමණ කෙටිකාලයකින් අවසන් කිරීමට සම්බන්ධීකරණ කළමනාකාරිනිය ලෙස බුද්ධිනී ජයවර්ධන ගේ සහයද අධ්‍යක්ෂ බුද්ධික ජයරත්න පූර්ව ප්‍රචාරක පටය මුදාහැරීමේ උත්සවයේදී අගය කළේය.

“ආදරය හින්දාම මරණය තෝරගන්න පිරිමි ඉන්නවා… ආදරය හින්දම බිහිසුනුම දේවල්වලටත් සැහැල්ලුවෙන් මුහුන දෙන පිරිමි ඉන්නවා.. මේ දෙකම වෙන්නෙ හුඟක් වෙලාවට පිරිමියෙක්ට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැතිවෙනකොට..දරු සෙනෙහස ළඟ තාත්තා කෙනෙක්ගෙ ආදරය මොනතරම් පරිත්‍යාගශීලිද කියලා කියන්න“  මේ නිර්මාණයෙන් දැකගත හැකි බව බුද්ධික ජයරත්නගේ අදහසයි.

ඡායාරූප – 𝐒𝐚𝐧𝐝𝐚𝐦𝐚𝐥𝐢 𝐖𝐢𝐦𝐚𝐥𝐚𝐬𝐞𝐧 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲

Continue Reading

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved