Connect with us

පුවත්

ලාෆ්ස් ගෑස් මිල වැඩිවෙන්නෑ

Published

on

ගෘහස්ථ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම පවසයි.

අද (05) පස්වරුවේ ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ අද ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවන බවයි.

සබැඳි පුවත් :

 ලිට්‍රෝ ගෑස් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවෙයි

පුවත්

මිචෙල් ඇවිත් සාගලට ප්ලේන් එකක් දෙන්න පොරොන්දු වෙලා!

Published

on

By

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික  ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙම පොරොන්දුව ලබා දී ඇත.

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ඇමරිකානු නැවකට ලංකාවෙන් තහනමක්

Published

on

By

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට  ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

මෙම  පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ තිබේ.

නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

මීට පෙර ද  චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ද  ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ගැටුම අද

Published

on

By

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, කත්‍රයන් බර්සි විසිනි.

ඇ කාණ්ඩය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි දෙවන ස්ථානයේ පසුවේ.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තායිලන්තයට එරෙහිව තරග වැදුන අතර එම තරගය ලකුණු 67කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved