Connect with us

පුවත්

ලංගම සභාපතිට, අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න කියයි

Published

on

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක මහතාට එම ධූරයන් හා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වහාම ඉවත් ඉවත් විය යුතු බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් අමාත්‍යවරයා මෙම ලිපිය යොමු කර ඇතැයි වාර්තා වේ.

පුවත්

“වැල්ලේ සාරංගගේ” සමීපතමයෙක් අත්අඩංගුවට

Published

on

By

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “වැල්ලේ සාරංග” ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම පුද්ගලයාව ජාඇළ, තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින වැල්ලේ සාරංග නැමති පුද්ගලයාගේ මෙහෙයවීම මත පසුගිය මාර්තු මස 08 වනදා මත්තුමගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඔහුව ඝාතනය කිරීමට තැත්කර තිබේ.

එම වෙඩික්කරුට  නවාතැන් පහසුකම් ලබාදිම, මිනි මැරිමට තැත් කිරිම සඳහා ආධාර අනුබල දිම, හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්රෑම් 70ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාමත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය විසින් ප්‍රකාශ කරන ලදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

දන්සැල්වලට සතොසෙන්  වට්ටම්

Published

on

By

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ලංකා සතොස තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රදේශයන්හි සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ලඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබා දෙන ලෙස දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

Published

on

By

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට  හිමිව තිබේ.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව  හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත.

මේත් සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ලාංකිකයා ලෙසයි තර්ෂන් ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකාවේ උපන් දැනට පැරීසියේ ජීවත් වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිශ්පාදනය කරන තුනී පාන් විශේෂයක් වන baguette  හේතුවෙනි.

ප්‍රංශයේ රජ මැදුරට වාර්ෂිකව baguette ලබා දෙන්නා වන්නේ ද තර්ෂන් ය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’’ නම් තරගයෙන් ජය ගැනීම සමඟ හොඳම පැරිසියානු  baguette යන කීර්තිමත් නාමය හිමිකර ගැනීමට ඔහු සමත් වූයේය.

තමාට ලැබුන මේ අවස්ථාව ගැන තර්ෂන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේක පුදුම සහගත දෙයක් මට. මේ වෙනුවෙන් මාව තෝරගත්ත එකට ස්තූතියි. ඔලිම්පික් කමිටුවේ හිටිය ක්‍රීඩා අමාත්‍යවරයා තමා මාව තෝරගෙන තිබුණේ. මේ ගැන හිතුවාම ගොඩාක් සතුටයි. ප්‍රංශයේ දහස් ගණන් ජනතාවක් ඉන්නවා. මම ගොඩාක් වාසනාවන්තයි මේ අවස්ථාව ලැබුණ එකට. කොහෙදී ද ගිනි සිළුව මට ලැබෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ජූලි මස 15වැනිදා ගිනි සිළුව පැරිසියට එනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved