Connect with us

පුවත්

හිමාලි අරුණතිලකට ඩොලර් ලක්ෂයකට අධික දඩයක්

Published

on

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක මහත්මියහට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක මහත්මිය හට ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.

ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමාලි අරුණතිලක මහත්මිය, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසය.

ඊට අමතරව ප්‍රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.

හිමාලි අරුණතිලක මහත්මිය මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය

Published

on

By

සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved