පුවත්

හිමාලි අරුණතිලකට ඩොලර් ලක්ෂයකට අධික දඩයක්

Published

on

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක මහත්මියහට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක මහත්මිය හට ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.

ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමාලි අරුණතිලක මහත්මිය, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසය.

ඊට අමතරව ප්‍රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.

හිමාලි අරුණතිලක මහත්මිය මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

Trending

Exit mobile version