Connect with us

පුවත්

කාන්තාව, සාමය හා ආරක්ෂාව ගැන පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ගීතා අතට

Published

on

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – මිසුකොෂි හිදෙයාකි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රධානී රමායා සල්ගාදු විසින් කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය – ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය වෙත පසුගිය 06දා පිරිනමන ලදී.

“ගැටුම් සහ අර්බුදවලින් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා ඉලක්කගත සහය ලබා දීම සඳහා මෙම ක්‍රියාකාරී සැලැස්ම පැහැදිලි මාර්ග සිතියමක් සපයයි. එය අනුගමනය කිරීම යථා තත්වයට පත්වීමේ ප්‍රයත්නයන්හිදී කිසිදු කාන්තාවක හෝ ගැහැණු ළමයෙකු මගනොහැරෙන බව සහතික කිරීම සඳහා ඉවහල් වන තීරණාත්මක ඉදිරි පියවරකි,” යි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළාය.

කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1325 යෝජනා සම්මතයට මේ වන විට 22 වසරක් සපිරී තිබේ. මේ වන විට එහි ව්‍යාප්තිය ගෝලීය සහ කලාපීය වශයෙන් සැලකිය යුතු ලෙස වර්ධනය ජාතික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කරන රටවල් සංඛ්‍යාව වැඩි වී තිබේ. ජපානය ඇතුළු G7 රටවල නියෝජිතයන්, කාන්තා කණ්ඩායම් සහ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කර තිබේ.

ශ්‍රී ලංකාවට අනන්‍ය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් දැන් කැබිනට් අනුමැතිය සඳහා සූදානම් කර ඇති අතර, කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින රාජ්‍යයන් අතරට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටී. එමගින් සාමය ගොඩනැගීමේ සහ යථා තත්වයට පත්වීමේ ප්‍රයත්නයන් සඳහා කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වය ඉල්ලා සිටිනු ලැබේ.

මෙය අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී රමායා සල්ගාදු සඳහන් කළේ, “සාමය සහ සංවර්ධනය තිරසාර විය හැක්කේ කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යූහයන්හි සමාන නියෝජනයක් ඇති විට සහ ඔවුන්ගේ ජීවිතයට බලපාන තීරණ ගැනීමේදී ඔවුන්ගේ අදහස් සලකා බැලූ විට පමණි”.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම පදනම් වී ඇත්තේ ගැටුම්වලින් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් කාන්තාවන්, පළාත් පාලන නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් සමඟ දිස්ත්‍රික්ක 25හිම සිදුකරන ලද උපදෙස් විමසීම් මතය. ඒ සඳහා ජපන් රජය විසින් අරමුදල් සපයන ලද ‘ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ජපන් රජය, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය අතර තුන් අවුරුදු ඒකාබද්ධ හවුල්කාරිත්වයේ කොටසක් ලෙස එය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ තාක්ෂණික සහාය ඇතිව සංවර්ධනය කරන ලදී.

“ජපන් රජය මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කැබිනට් මණ්ඩලය විසින් කාලීන ප්‍රමුඛතා පදනමින් සම්මත කර ගැනීම සඳහා දිරිමත් කරන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සවිබල ගැන්වීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහතික කිරීම සඳහා එය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වේ,” යි ජපාන තානාපති ගරු මිසුකෝෂි මහතා අවධාරණය කළේය.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට බලපාන ගැටලු විසඳීම සඳහා වැදගත් ව්‍යූහයක් සම්පාදනය කරනු ලැබේ. එය ශ්‍රී ලංකාවේ අර්බුදයට සහ එහි අභියෝගවලට රට කෙසේ අනුවර්තනය වන්නේද යන ආකාරය සහ ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් බෙහෙවින් අදාළ වේ.

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved