Connect with us

පුවත්

රටටම විදුලිය කැපුවේ වඳුරාද විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශය හෙට!

Published

on

අද (09) දිනයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවක් විසින් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර  බලශක්ති අමාත්‍යංශය විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අදාළ විමර්ශනය සිදුකරන බවය.

දිවයින පුරා අවස්ථා කිහිපයක දී විදුලි බිඳවැටීම් සිදුව ඇති අතර අවසන් වරට 2023 වර්ෂයේ දෙසැම්බර් මස 09 වනදා සිදුවූ විදුලි බිඳවැටීම, යළි යථා තත්ත්වයට පත් කිරීමට ද පැය 06ක පමණ කාලයක් ගතව තිබුණි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් ඊට හේතු වී තිබු බව සඳහන් වේ.

මීට අමතරව  2016 වර්ෂයේ මාර්තු මාසයේ, 2020 වසරේ අගෝස්තු මාසයේ මෙන්ම 2021 වසරේ දෙසැම්බර් මාසයේ මෙලෙස දිවයින පුරා විදුලි බිඳ වැටීම් සිදුව ඇත.විදුලිය නැවත….

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ දිවයින පුරා විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය 5ක කාලයක් ගත වූ බවයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ , යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.කඩාකප්පල්කාරී වඳුරා…

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටී.

එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී පැතිරුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වඳුරා කෝ…

මේ අතර, පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරය පිහිටා තිබෙන භූමියේ ආරක්ෂක නිලධාරියකු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අදාළ විදුලි බිඳවැටීම සිදුවූයේ වඳුරකු හේතුවෙන්මද යන්න පිළිබඳව සැකයක් මතුව තිබේ.

අදාළ ප්‍රකාශය පහත දැක්වේ.

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved