Connect with us

පුවත්

කොළඹ Parking ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක්

Published

on

පොදු රථගාල්වල වාහන නවතා තැබීමේදී මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොදු රථගාල් භාවිතා කරන රියදුරන් සඳහා වාහනය නවතා තැබූ කාලය නිරීක්ෂණය කිරීම සඳහා රිසිට්පතක් නිකුත් කරනු ලබන බවය.

ඒ අනුව,  මිනිත්තු 10ට වැඩි කාලයක් රථගාලේ වාහනය නවතා තබන අවස්ථාවලදී පමණල් රුපියල් 70ක ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබේ.

පොදු රථගාලක වාහනයක් නැවැත්වූ වහාම ගාස්තුවක් අය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවද කොළඹ මහ නගර සභාවේ නියෝජිතයා අවධාරණය කර තිබුණි.

එමෙන්ම,  පොහොය දිනවලදී සහ විශේෂ නිවාඩු දිනවලදී පොදු රථගාල්වල වාහන නවතා තැබීම සඳහා ගාස්තු අය නොකෙරෙන බවද  කොළඹ මහ නගර සභාව තවදුරටත් දැනුම් දෙයි.

පුවත්

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

Published

on

By

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading

පුවත්

නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර විශ්වවිද්‍යාලවල නවකවධ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදීය.

නවකවධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහි ද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

මූල්‍ය  වංචාවක්  නිසා විදේශ නියුක්ති කාර්යාංශයේ 06කට වැඩ තහනම්

Published

on

By

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගත කර රුපියල් කෝටි 250 කට පමණ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඊයේ (05) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.

2022 සිට 2024 අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 35000කට ආසන්න පිරිසක් මෙලෙස පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචා සහගත ලෙස නිදහස් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මීට පෙර විදේශ රැකියා සදහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති බවට සහතික කරන ලද කූඨ ලේඛන සකස්කර මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදු කර ඇත.

ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබද සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තොරතුරු වාර්තා වේ.

ප්‍රථම වරට මෙම වංචාව පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර ඇති අතර  රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීද මේ පිළිබඳව කරුණු විමසා තිබේ.

ඒ අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයට අදාළව ඉහත නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved