Connect with us

පුවත්

මීනගයා දුම්රියේ ගැටී මියගිය වනඅලි ගණන 6 දක්වා ඉහළට(UPDATE)

Published

on

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික ඇණහිට ඇති බව ද වාර්තා වේ.

ඊයේ (19) රාත්‍රි 11.35ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව අසලදීය.

කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක් ඊයේ රාත්‍රියේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ මෙලෙස ගැටී තිබුණි.

අනතුරින් හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවේ පස් දෙනෙකුම දුම්රියට යටවීමෙන් මියගියහ.

අනතුර සිදුවූ දුම්රිය ආසන්නයේ වැටී සිටි තවත් වන අලි දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඉන් එක් අලියෙක් මෙලෙස මියගොස් තිබේ

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ එම වන අලියා මියයාමට පෙර වයස අවුරුදු තුනක් පමණ වූ පැටවා ඒ් අසල ගැවසුණු අයුරු සියලුදෙනාගේ හදවත් සංවේදී කිරීමට සමත් විය.

අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වන අලියෙකුට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

අනතුරින් දුම්රිය ඒන්ජිම පීලිපැනීමකටද ලක්වූ අතර මෙම ස්ථානය අලි මාරුවන ස්ථානයක් ලෙසට පුවරු ද සඳහන් කර ඇති අයුරු දක්නට ලැබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අනතුරත් සමග මඩකලපුව සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හබරණ ගල්ඔය දක්වා සීමාකෙරුණ අතර අනතුරට ලක්වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් වෙනත් දුම්රියකට මාරු කිරීමටද දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණි.

(පෙර පුවත 2025 පෙබරවාරි20පෙ.ව.7.15.)


මීනගයාට අලි රංචුවක් හැපිලා, 5ක්ම මැරිලා

ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.

අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

මීනගයා දුම්රියේ ගැටුණු සද්ධන්තයෝ

The Batticaloa-Colombo train ‘Meenagaya’ collides against a herd of elephants at Gal Oya. Five elephants dead & the train derailed obstructing services on the line -Sri Lanka Railways මඩකළපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ් ගැටී වන අලි පස්දෙනෙක් (05) දෙනෙක් මියයයි. තවත් අලි දෙදෙනෙකුට තුවාල #HumanElephantConflict #SriLankaNews #railway Video Credits Priyan Malinda

Posted by Venura Kanishka on Wednesday, February 19, 2025

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved