Connect with us

පුවත්

ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි

Published

on

මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.

එතුමා මියයන විට 85 වැනි වියේ පසු විය.

1940 ජනවාරි මස 13 වනදා මහනුවරදී උපත ලද ඒ මහතා, අවුරුදු 8 සිට මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගෙන් නර්ථනය හදාරා තිබුණි.

දශක 5ක් පුරා හෙළයේ මහා අසිරිමත් කලා මංගල්‍යය වන කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර වර්ණවත් කිරීමට එතුමාගේ දායකත්වය නොමදව හිමි විය.

ඒ මහතා 35 වසරක් ජනපති සම්මානය දිනා තිබීම ද විශේෂිතය.

1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන හත් හැවිරිදි වියේ දී නර්තනය හැදෑරීමට යොමු ව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ ඇති බව පැවසේ.

පුවත්

විල්පත්තු හරහා අධිවේගී මාර්ගයක් ඉදි වෙන්නේ නැහැ – නීතිපති දැනුම් දෙයි

Published

on

By

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.

අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟවිය.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණි.

ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළහ.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.

එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Continue Reading

පුවත්

මිටියාගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Published

on

By

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 3 වනදා මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

Published

on

By

මෙරට  සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.

ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved