මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.
එතුමා මියයන විට 85 වැනි වියේ පසු විය.
1940 ජනවාරි මස 13 වනදා මහනුවරදී උපත ලද ඒ මහතා, අවුරුදු 8 සිට මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගෙන් නර්ථනය හදාරා තිබුණි.
දශක 5ක් පුරා හෙළයේ මහා අසිරිමත් කලා මංගල්‍යය වන කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර වර්ණවත් කිරීමට එතුමාගේ දායකත්වය නොමදව හිමි විය.
ඒ මහතා 35 වසරක් ජනපති සම්මානය දිනා තිබීම ද විශේෂිතය.
1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන හත් හැවිරිදි වියේ දී නර්තනය හැදෑරීමට යොමු ව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ ඇති බව පැවසේ.