Connect with us

පුවත්

දේශබන්දු රිමාන්ඩ්(UPDATE)

Published

on


මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(පෙර පුවත 2025 මාර්තු 19 පෙ.ව.09.17)


දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට පැමිණෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

මෙම නඩුව අද(19) පෙරවරුවේ කැඳවිමට නියමිතය.

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” W 15” හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 28 වැනිදා නියෝගයක් නිකුත් කලේය.

පසුව මෙම අත්අඩංගුවට ගැනිම වළක්වාලන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය මාර්තු (10) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම රිට් පෙත්සම පසුගිය සදුඳා( 17) වන දින විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කටයුතු කලේය.

පුවත්

ඉන්දීය මහ කොමසාරිස් අග්‍රා හි පුහුණුවට යන හින්දි ගුරුවරුන් හමුවේ

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දියාවේ අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ආයතනයේ පැවැත්වෙන‍ හින්දි ගුරු පුහුණුව සඳහා තෝරා ගන්නා ලද හින්දි ගුරුවරුන් 35 දෙනා හමු විය. 

ශ්‍රී ලංකාව පුරා පිහිටි රජයේ පාසල්වල හින්දි ගුරුවරුන් සඳහා ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රථම පුහුණු වැඩසටහන මෙයයි. මෙම පුහුණු වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් සමඟ එක්ව සංවිධානය කර තිබේ.ශ්‍රී ලංකාවේ පාසල් 88ක හින්දි භාෂාව විෂයක් ලෙස ඉගැන්වේ. හින්දි භාෂා දැනුම සහ සංස්කෘතික අවබෝධය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වටිනා පුහුණු වැඩසටහන සඳහා රජයේ පාසල්වල හින්දි ගුරුවරුන් ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ලදී.

මෙම හමුවේදී මහ කොමසාරිස්තුමා ගුරුවරුන්ට සිය සුභාශිංසන පළ කළ අතර ශ්‍රී ලංකාවේ හින්දි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දැඩි කැපවීම සහ මාහැඟි දායකත්වය අගය කළේය. එසේම, එතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමෙහිලා මෙම මුලපිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම ගුරුවරුන් ඉන්දීය රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ආයතනයේ සුවිශේෂී පුහුණුවක් ලබනු ඇත. කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ගෝලීය වශයෙන් හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමට සහ ඉගැන්වීමට කැප වූ ආයතනයකි. මෙම පුහුණුව අතරතුර ආයතනය විසින් ගුරුවරුන් පිරිස සඳහා සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වෙත  සංචාර ද සංවිධානය කර ඇත. මෙම සුවිශේෂී වැඩසටහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා දෙරටෙහි කැපවීම සහ ශ්‍රී ලංකාව තුළ හින්දි භාෂා අධ්‍යාපනයට පවතින ඉහළ යමින් පවතින ප්‍රමුඛත්වය පිළිඹිබු කරයි.

Continue Reading

පුවත්

කඳාන වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුට (Update)

Published

on

By

කඳානේදී අද (03) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කරයි.


(පෙර පුවත 2025 ජුලි 03 පෙ.ව.11.02 )

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අතර, එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

එක් අයෙකු රු. ලක්ෂ 2ක මුදල් ඇපයක් බැගින් හා රු. ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත නිදහස් කෙරුණි.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරුණු අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved