Connect with us

පුවත්

පුංචි ඡන්ද බිමට ජර්මන් ජාතික කතකුත් එක්වේ

Published

on

ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති ජර්මන් ජාතික කාන්තාවක් ද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

මරීයා බෙනැන්සා නම් ඇය, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

පුවත්

මියන්මාරයට ලක් රජයෙන් මූල්‍ය ආධාර ලබාදෙයි

Published

on

By

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත්  මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.

එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කළාය.

භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත  කරුණු පැහැදිලි කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මියන්මාර් තානාපති කාර්යාලයේ Winh Wint Khaus Tun, Lei Yi Win යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

පාස්පෝට් කාර්යාලයෙන් නිවේදනයක්

Published

on

By

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ටෝකන් පත් නිකුත්කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි.

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු

Published

on

By

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.

මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකු ද, නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකු ද, ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ 01 අයකු ද වශයෙන් මෙරටට ඇතුලු වී තිබේ .

සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  ,හදිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී , අනාවරණය කර ගත් තොරතුරු මත වයස අවුරුදු 25 ත් – 35 ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස , රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved