Connect with us

පුවත්

AI බොරුව හඳුනා ගන්න QR කේතයක්

Published

on

තමන් දකින්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් (AI) විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් ද සත්‍යයක් ද යන්න හඳුනා ගැනීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනයේ වෙරිටේ මීඩියා අංශය ‘ට්‍රෙස් ඉට්’ (Trace-it) නමින් කිව්.ආර්. (QR) කේතයක් පරිශීලකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇඟිලි සලකුණක් හා සම වන අතර එමගින් මාධ්‍ය පරිශීලකයන්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය, අසත්‍යතාව ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබෙන බව එම ආයතනය පවසයි.

වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ  අන්තර්ගතයන් පළකිරීමේදී ප්‍රකාශක ප්‍රමිතියක් ලෙස මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් විශ්වසනීය ඩිජිටල් අන්තර්ගතයන්ට අදාළව ඒවා ප්‍රකාශයට පත් කළ මුල් ප්‍රකාශකයන්ව සොයා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇති බවය.

මේ සමඟ විකෘති කරන ලද අන්තර්ගතයන්ගේ ව්‍යාජ බව කිව්.ආර්. කේතයෙන් අනාවරණය කරගත හැකි වනවා සේ ම එම අන්තර්ගතයන් ඩිජිටල් අවකාශයේ පැතිරීම අඩු වනු ඇත. 

මූලාශ්‍රය – මව්බිම

පුවත්

අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න යන අය ජුලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙකී සැකකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසෙල් වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද (7) ඉදිරිපත් කෙරුණි.


(පෙර පුවත 2025 ජුලි 07 ප.ව.12.14 )

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

KDU සිසුන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන තීරණයක්

Published

on

By

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමය වර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූහ.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින්  වගඋත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවා දායකයින්ගෙන් ලිඛිත උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතාද එකඟතාවය පළ කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිතව උපදෙස් ලබාගෙන දැක්වීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.

ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස  ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන්  2025 /26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවය.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා  මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

මේ අතර  ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍යභට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර  දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

ඉන් අනතුරුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවත් ඔවුන් චෝදනා කළේය.

මේ තුළින් අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

‍යළි දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවා අත්හිටුවයි

Published

on

By

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved