2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (03) අවසන් මහා තරගය පැවැත්විණි.
එහිදී IPL කිරුළ හිමි කර ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් විය.
ඒ ලකුණු 06කින් Punjab Kings කණ්ඩායම පරාජයට පත් කරමිනි.
ඊයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 190ක් රැස් කරගැනීමට සමත් විය.
එහිදී පන්දුවට පහරදුන්, Virat Kohli ලකුණු 43ක්ද, නායක Rajat Patidar ලකුණු 26ක්ද, Liam Livingstone ලකුණු 25ක්ද, Mayank Agarwal සහ Jitesh Sharma ලකුණු 24 බැගින්ද රැස් කලහ.
පන්දු යැවීමේදී Punjab Kings කණ්ඩායමේ Arshdeep Singh සහ Kyle Jamieson කඩුළු තුන බැගින්ද, Azmatullah Omarzai, Vijaykumar Vyshak සහ Yuzvendra Chahal එක් කඩුල්ල බැගින් දවාගත්හ.
අනතුරුව ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කය සහිතව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 184ක් පමණි..
එහිදී, Josh Inglis ලකුණු 39ක්ද, Prabhsimran Singh ලකුණු 26ක්ද, Priyansh Arya ලකුණු 24ක්ද, Nehal Wadhera ලකුණු 15ක්ද රැස් කලහ
අගනා ඉනිමක් ක්‍රීඩාකළ Shashank Singh නොදැවී ලකුණු 61ක් රැස් කලේය.
පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Krunal Pandya කඩුළු 02 බැගින්ද, Yash Dayal, Josh Hazlewood සහ Romario Shepherd එක් කඩුල්ල බැගින් දවාගත්හ.