Connect with us

විදෙස්

පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවට

Published

on

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන ලදී.

ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් මේ වනවිට රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරර්යි.

පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (26) සිදුකිරීමට නියමිතව පවතී.

ඒ ඊයේ රැස්වූ කාදිනල් මඬුල්ල ගත් තීන්දුවකට අනුවය.

උන්වහන්සේගේ අවමංගල කටයුතු සිදුකරන සැලැස්ම ද මෙහිදී අනාවරණ කෙරුණි.

ලබන සෙනසුරාදා දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරෙන දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්‍රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.

නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන් වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රැගෙන යන්නේ රිය පෙරහරකිනි

මෙම අවස්ථාවේදීත් මාර්ගය දෙපස රැස්වී පාප් වහන්සේ වෙත සිය ගෞරවය දැක්වීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල උත්සවය සඳහා ලෝක නායකයින් රැසක් සහභාගි වන බවට මේ වනවිට තහවුරු කර ඇත.

ඒ අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුද අයත්ය.

විදෙස්

අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක් (UPDATE)

Published

on

By

ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’  ගුවන් යානයේ සිටි මගීන් පිළිබඳ තොරතුරු එම ගුවන් සේවය නිකුත්කර ඇත.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘ඇඓ 171’ නම් ගුවන් යානය අද (12)  ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු එනම්, ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබේ.

බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙම අනතුරට ලක් ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇත.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇත.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 12 ප.ව.3.09 )

මගීන් 240කට අධික පිරිසක් සමග ඉන්දීය ගුවන් යානයක් අනතුරක (වීඩියෝ)

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නැත.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර තිබේ.

වීඩියෝ  – India Today

Continue Reading

විදෙස්

සිරියානු කාන්තාවන්ට නියෝගයක්

Published

on

By

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම එරට රජය විසින් අනිවාර්ය කර ඇත.

එරට ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹුණු බවය.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්ල සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා මෙම නියෝගය බල නොපැවැත්වෙන බව ද එරට මාධ්‍ය වාර්තා කර සිටී,

Continue Reading

විදෙස්

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පැනවේ

Published

on

By

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින්  මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ඇය අනතුරු ඇඟවීය.

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කළාය.

අඟහරුවාදා දිනයේදී පමණක්, අත්අඩංගුවට ගැනීම් 197ක් හමුදාව විසින් සිදු කරන ලදි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved