Connect with us

විදෙස්

11කට දිවි අහිමි කල අනතුර

Published

on

කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

ජනතාව අතරට අදාළ මෝටර් රථය ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව සඳහන් වේ.

සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙම අනතුරු  26 වන සෙනසුරාදා එරට වෙලාවෙන් රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු ව තිබුණි.

විදෙස්

පාකිස්තාන YouTube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්

Published

on

By

මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව සඳහන් වේ.

ඉන්දියාව තුල තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

විදෙස්

ලිංගික අපයෝජනයන්ට එරෙහි වූ සමාජ ක්‍රියාකාරිනිය සියදිවි නසාගනී

Published

on

By

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇගේ පවුලේ ඥතීන් තහවුරු කර ඇත්තේ ඊයේ (25) මෙය සිදුව ඇති බවයි.

ජිෆ්රේ මිය යනවිට වයස අවුරුදු 41 පසුව තිබේ.

ජිෆ්රේ කෙරෙහි වැඩි කථාබහක් ඇතිකළ පුවතක් වූයේ ඇය බ්‍රිතාන්‍යයේ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරුට එරෙහිව ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ලකිරීමයි.

වයස අවුරුදු 17 දී තමන් යෝර්ක් ආදිපාදවරයා වෙත ඇයව ජාවාරම් කළ බවට ඇය චෝදනා කර තිබුණි.

කෙසේ නමුත් ඇන්ඩෲ කුමරු එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අමතරව ළමා අපයෝජකයෙකු මෙන්ම ළමා ලිංගික අපරාධකරුවෙකු වන අමෙරිකාවේ ජෙෆ්රි එප්ස්ටීන්ට එරෙහිව ද ඇය ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ල කළාය.

ජිෆ්රේගේ මියයෑම සම්බන්ධයෙන් ඇගේ ඥාතීන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය ‘ලිංගික අපයෝජනයට එරෙහි සටනේ දරුණු රණශූරියක්’ බවයි.

ඇයට සිදු වූ අපයෝජනයේ බර දරාගත නොහැකි බවද ඥාතීන් පවසයි.

තමන් මුහුණදුන් ලිංගික අපයෝජනය සහ ලිංගික ජාවාරම් ගැන ජීවිත කාලය පුරාම විඳවීම ඇයව සියදිවි නසා ගැනීමට පෙළඹ වූ බව ඇගේ ඥතීන් වැඩිදුරටත් පවසා තිබේ.

Continue Reading

විදෙස්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Published

on

By

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත.

මෙරට වේලාවෙන් අද පස්වරු 01.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලැබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්තාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.00ට අවසන් විය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීය.

මේ අතර පාප් වහන්සේගේ අවමංග්‍ය උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වී සිටියි.

ඊට අමතරව විපක්ෂ මන්ත්‍රීවරුන්වන කාවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි යන අයද වතිකානය බලා පිටව ගොස් ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද දිනය  ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සබැඳි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved