Connect with us

පුවත්

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂට රට ගමන් තහනමක්

Published

on

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්‍ෂ පහකට ආසන්න වටිනා ජංගම දුරකථනයක්, පරිගණකයක් ඇතුළු උපකරණ කීපයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු ද වන තුසිත හල්ලොලුව මහතා විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුල් ලංකාපුර මෙනෙවිය ඊයේ (29දා) නියෝගයක් නිකුත් කළාය.

එකී නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු 2017-2019 කාලය අතරතුර සේවය කර ඇති තුසිත හල්ලොලුව මහතා 2019.11.19 වැනිදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් ඔහු භාවිත කළ පෙරකී ජංගම දුරකථනය ඇතුළු උපකරණ යළි භාර දී නොමැති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරිවරයා 2024.10.21 වැනිදා තම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් කොටුව පොලිසිය මින්පෙර අධිකරණයට වාර්තාවක් ගොනු කරමින් පෙන්වා දී තිබිණි.

සැකකාර තුසිත හල්ලොලුව මහතා පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන ආරම්භ කළ බවත් ඉහත කී ජංගම දුරකථනය ඇතුළු භාණ්ඩවල වටිනාකම මුදල් ඇණවුම් මගින් (මනි ඕඩර්) ජාතික ලොතරැයි මණ්ඩලයට යැව් නමුත් එකී මුදල් ඇණවුම් භාරනොගෙන ආපසු එවා ඇති බවට ඔහු 2024.11.01 වැනිදා ප්‍රකාශයක් ලබා දී ඇති බවත් කොටුව පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.

දිවයින

පුවත්

කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 06 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් එම පරික්ෂාව කරන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පොලීසිය , ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම මෙහෙයුම ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Continue Reading

පුවත්

රජයට විරුද්ධ කට්ටිය පාතාලය හරහා ඝාතනය කරවනවා

Published

on

By

රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් මේ දිනවල රට තුල දකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නව කියන එක නම් පෙනී යමින් පවතිනවා.

ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.”

Continue Reading

පුවත්

චරිත් වෙනුවෙන් සහාය දෙන බව නීතිඥවරුන් කියයි

Published

on

By

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් පැවසුවේ, මියගිය සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණි.

මානසික පීඩනය හේතුවෙන් තමන් දිවිනසා ගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව චරිත් දිවි නසාගෙන ඇති බවටය.

සිද්ධිය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු වහාම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවය.  

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 16 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය ඊයේ ප්‍රකාශ ද සටහන් කරගත්තේ මෙවන් පසුබිමකය.

එම සිසුන් වෙනුවෙන් සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ යන නීතීඥවරුන් ඉදිරිපත් වී සිටී.

සබැඳි පුවත්:

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (UPDATE)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved