ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්‍ෂ පහකට ආසන්න වටිනා ජංගම දුරකථනයක්, පරිගණකයක් ඇතුළු උපකරණ කීපයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු ද වන තුසිත හල්ලොලුව මහතා විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුල් ලංකාපුර මෙනෙවිය ඊයේ (29දා) නියෝගයක් නිකුත් කළාය.
එකී නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු 2017-2019 කාලය අතරතුර සේවය කර ඇති තුසිත හල්ලොලුව මහතා 2019.11.19 වැනිදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් ඔහු භාවිත කළ පෙරකී ජංගම දුරකථනය ඇතුළු උපකරණ යළි භාර දී නොමැති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරිවරයා 2024.10.21 වැනිදා තම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් කොටුව පොලිසිය මින්පෙර අධිකරණයට වාර්තාවක් ගොනු කරමින් පෙන්වා දී තිබිණි.
සැකකාර තුසිත හල්ලොලුව මහතා පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන ආරම්භ කළ බවත් ඉහත කී ජංගම දුරකථනය ඇතුළු භාණ්ඩවල වටිනාකම මුදල් ඇණවුම් මගින් (මනි ඕඩර්) ජාතික ලොතරැයි මණ්ඩලයට යැව් නමුත් එකී මුදල් ඇණවුම් භාරනොගෙන ආපසු එවා ඇති බවට ඔහු 2024.11.01 වැනිදා ප්‍රකාශයක් ලබා දී ඇති බවත් කොටුව පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.
දිවයින