Connect with us

විදෙස්

පාකිස්ථානයට, ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

Published

on

පාකිස්ථානය හිමිකාරිත්වය දරන සහ පාකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.

ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමකය.

පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පාකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙකු මිය ගියේය.

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථාන රජය විසින් පියවර ගෙන තිබිණි.

විදෙස්

ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

Published

on

By

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. 

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.

Continue Reading

විදෙස්

ඉරානය හා සාකච්ඡාවකට බ්‍රිතාන්‍යය – ප්‍රංශය – ජර්මනිය සැරසේ

Published

on

By

ඊශ්‍රායල-ඉරාන ගැටුම අවසන් කිරීමේ ප්‍රයත්න වල කොටසක් ලෙස බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විදේශ අමාත්‍යවරුන් අද (20) ජිනීවාහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ හමුවීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව, ඉරාන – ඊශ්‍රායල ගැටුම් පසුගියදා ඇරඹීමෙන් අනතුරුව, බටහිර නායකයින් හා ඉරානය අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙස සැලකේ.

මේ අතර, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඇමෙරිකාව මෙම ගැටුම් වලට ඍජුව සම්බන්ධ වන්නේද යන්න පිළිබඳව ඉදිරි දෙසතිය තුළදී එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දු කරනු ඇති බවයි.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුම් තවදුරත් සිදුවිය.

Continue Reading

පුවත්

චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි

Published

on

By

9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ආරම්භ විය. 

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි.

සමස්ත ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ලක්ෂ 1.6කින් යුක්ත වන අතර එය විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16ක් සමන්විත ය.

හරිත බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා හා සංස්කෘතික සංචාර ඇතුළු චීනය හා දකුණු ආසියානු රටවල් අතර ආර්ථීක වෙළඳ සහයෝගිතාවේ වැඩි අවස්ථා හිමි වන කර්මාන්ත එහිදී ප්‍රදර්ශනය කෙරේ.  

මෙම වසරේ, ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. 

විශේෂයෙන්, චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි.

මෙය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවට පත් කර තිබීම ද විශේෂිතය.

ඡායාරූප – CGTN ඇසුරෙනි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved