Connect with us

පුවත්

අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

Published

on

අද (14) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරු හිගය හා රියදුරන් නිවාඩු යාම හේතුවෙන් පසුගිය දිනදෙක තුළ දුම්රිය 23 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ.

ප්‍රධාන, මුහුදු බඩ, පුත්තලම හා කැලණිවැලි යන මාර්ගවල දුම්රිය අවලංගුවීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිගුකලක් පුරා පවතින දුම්රිය රියදුරු හිගයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මෙන්ම පාලනාධිකාරිය මෙතෙක් අපොහොසත් වීම දුම්රිය අවලංගුවීමට ප්‍රධාන හේතුවක් බව දුම්රිය රියදුරු සංගමය පවසයි.

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක්

Published

on

By

මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි.

මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට  දානමාන පිළිගන්වන ලදි.

Continue Reading

පුවත්

“ටීචර් අම්මා”ට ඇප (UPDATE)

Published

on

By

අද (14) මීගමුව අධිකරණයට භාර වූ හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා , ආයතන කළමනාකාරිවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

අධිකරණය විසින් නියෝග කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබා දිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කල යුතු බවත්ය.


(පෙර පුවත 2025 14 මැයි ප.ව.1.50 )

“ටීචර් අම්මා” පොලීසියට භාර වෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය

පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවය.

පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කලේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved