අද (14) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය රියදුරු හිගය හා රියදුරන් නිවාඩු යාම හේතුවෙන් පසුගිය දිනදෙක තුළ දුම්රිය 23 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ.
ප්‍රධාන, මුහුදු බඩ, පුත්තලම හා කැලණිවැලි යන මාර්ගවල දුම්රිය අවලංගුවීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිගුකලක් පුරා පවතින දුම්රිය රියදුරු හිගයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මෙන්ම පාලනාධිකාරිය මෙතෙක් අපොහොසත් වීම දුම්රිය අවලංගුවීමට ප්‍රධාන හේතුවක් බව දුම්රිය රියදුරු සංගමය පවසයි.