Connect with us

පුවත්

තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට 3ක් රිමාන්ඩ්

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (24) නියෝග කළේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මහරගම නිවාස සංකීර්ණයකදී වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් අතර මෙදින පොලිසිය පැමිණි තොරතුර ලද සැණින්ම වෙඩික්කරු පලාගොස් තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇති සෙසු දෙදෙනා වන්නේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා හා වෙඩික්කරු හා ගමන් බිමන් ගිය පුද්ගලයකු බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

පොලිසිය මහල් නිවාස සංකීර්ණය වැටලීමට ලක් කළ අවස්ථාවේදී වෙඩික්කරුට පොලිසිය ආවා යැයි දුරකථන ඇමතුමක් දී ඇත්තේ මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරියා බවද විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

පසුගිය (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

පුවත්

මාලිනී මියගියේ පහුගිය සතියේ නෙමෙයි – උදය

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජිනි මාලිනී ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කුහකත්වයක් ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජාතික ලැයිස්තුව හදලා තියෙන්නෙම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි නීති සම්පාදනයට සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවද ඔහු සඳහන් කරයි.

“ඇය මේ රටේ කලා ක්ෂේත්‍රයේ නිළි රැජින. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකාවක් නිසා නොවේ. ඇය වේදිකා ගානේ ගොස් මහින්ද රාජපක්ෂ ජනපති කරන්න වෙහෙස මහන්සි වෙලා නැහැ. හැබැයි එතුමියට කරන ගෞරවයක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කළා. ඒ නිසා ලෝකයේ සම්මානයට පාත්‍ර වී ඇති නිළි රැජින මේ ආණ්ඩුව දැක්කේ මහින්ද රාජපක්ෂගේ ඇබිත්තියක් වගේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇයට අවමන් කරමින් ආණ්ඩුවේ පිරිස් කතා කරේ ඇයත් සමග තියෙන කේන්තියෙන්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. ඇත්තටම ඇය මියගියේ පසුගිය සතියේ නෙවේ, පාර්ලිමේන්තුවේදී ඇයගේ චරිතය ඝාතනය කරනවා රූපවාහිනියෙන් ඇය බලා සිටි මොහොතේ. ඒ නිසා තමන් කරපු ඒ අපහාසය නිවැරදි කර ගන්න ඇයගේ දේහයට ලබා දිය යුතු ගෞරවය උපරිම ලබා දෙන්න තිබුණා. ඒත් රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් දැක්වීම හරහා මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දිනක යළි නිවැරදි කර ගත නොහැකි වරදක් කර තිබෙනවා.”

Continue Reading

පුවත්

පැය 36ක ජල කප්පාදුවක්!

Published

on

By

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

Continue Reading

පුවත්

මේ නිවේදනය මෙවර සරසවි වරම්ලත් සිසුන්ට…

Published

on

By

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

ඒ අනුව, 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved