හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (24) නියෝග කළේය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මහරගම නිවාස සංකීර්ණයකදී වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් අතර මෙදින පොලිසිය පැමිණි තොරතුර ලද සැණින්ම වෙඩික්කරු පලාගොස් තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇති සෙසු දෙදෙනා වන්නේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා හා වෙඩික්කරු හා ගමන් බිමන් ගිය පුද්ගලයකු බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
පොලිසිය මහල් නිවාස සංකීර්ණය වැටලීමට ලක් කළ අවස්ථාවේදී වෙඩික්කරුට පොලිසිය ආවා යැයි දුරකථන ඇමතුමක් දී ඇත්තේ මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරියා බවද විමර්ශන මගින් අනාවරණය වී තිබේ.
පසුගිය (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි.