Connect with us

පුවත්

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය ඔහුව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සබැඳි පුවත්

පුවත්

මාලිනී මියගියේ පහුගිය සතියේ නෙමෙයි – උදය

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජිනි මාලිනී ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කුහකත්වයක් ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජාතික ලැයිස්තුව හදලා තියෙන්නෙම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි නීති සම්පාදනයට සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවද ඔහු සඳහන් කරයි.

“ඇය මේ රටේ කලා ක්ෂේත්‍රයේ නිළි රැජින. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකාවක් නිසා නොවේ. ඇය වේදිකා ගානේ ගොස් මහින්ද රාජපක්ෂ ජනපති කරන්න වෙහෙස මහන්සි වෙලා නැහැ. හැබැයි එතුමියට කරන ගෞරවයක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කළා. ඒ නිසා ලෝකයේ සම්මානයට පාත්‍ර වී ඇති නිළි රැජින මේ ආණ්ඩුව දැක්කේ මහින්ද රාජපක්ෂගේ ඇබිත්තියක් වගේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇයට අවමන් කරමින් ආණ්ඩුවේ පිරිස් කතා කරේ ඇයත් සමග තියෙන කේන්තියෙන්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. ඇත්තටම ඇය මියගියේ පසුගිය සතියේ නෙවේ, පාර්ලිමේන්තුවේදී ඇයගේ චරිතය ඝාතනය කරනවා රූපවාහිනියෙන් ඇය බලා සිටි මොහොතේ. ඒ නිසා තමන් කරපු ඒ අපහාසය නිවැරදි කර ගන්න ඇයගේ දේහයට ලබා දිය යුතු ගෞරවය උපරිම ලබා දෙන්න තිබුණා. ඒත් රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් දැක්වීම හරහා මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දිනක යළි නිවැරදි කර ගත නොහැකි වරදක් කර තිබෙනවා.”

Continue Reading

පුවත්

පැය 36ක ජල කප්පාදුවක්!

Published

on

By

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

Continue Reading

පුවත්

මේ නිවේදනය මෙවර සරසවි වරම්ලත් සිසුන්ට…

Published

on

By

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

ඒ අනුව, 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved