පුවත්

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය ඔහුව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සබැඳි පුවත්

Trending

Exit mobile version