Connect with us

විදෙස්

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට: රෝගීන් 1000කට වැඩියි

Published

on

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවය.

කේරළය, මහාරාෂ්ට සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ්හි රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ටයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය.

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් ලොවපුරා අමෙරිකානු තානාපති කාර්යාල වෙත නිකුත් කර ඇති බවද මේ සමඟම වාර්තා වෙයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ, නැවත දැනුම්දෙනතුරු මේ නියෝගය ක්‍රියාත්මක බවය.

විදෙස් සිසුන් බඳවාගැනීම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය කිරීම සම්බන්ධව අමෙරිකානු ආණ්ඩුව සහ එරට ප්‍රභූ පැලැන්තියේ විශ්වවිද්‍යාල අතර මතගැටුම් උද්ගතව ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්

Published

on

By

ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කැනඩාව එලෙස එක් නොවුනහොත් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ එක්වීමට කැනඩාවට ඩොලර් බිලියන 61 ක් වැය වනු ඇති බවය.

පුළුල් පරාසයක සතුරු අවි වලින් ආරක්ෂා වීම සදහා ඇමරිකානු ජනාධිපතිවරයා ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය, පසුගිය සතියේ හදුන්වා දෙනු ලැබීය.

කැනඩාව ප්‍රකාශ කළේ, එම මිසයිල පද්ධතිය සමඟ එක්වීමට කැමති බවය.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ මාසය මුලදී ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

එම අවස්ථාවේදී ට්‍රම්ප් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කළේ, කැනඩාව ඇමරිකාවේ කොටසක් බවට පත්කරන ලෙසයි.

නමුත් එම අවස්ථාවේ කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉතාමත් ආචාරශීලිව සහ ස්ථිරව එම ඇරයුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රට කිසි විටෙකත් විකුණා නොදමන බවයි.

ඒ අනුව මිසයිල ආරක්ෂණ පද්ධතිය ගෙනහැර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා යළිත් කැනඩාව ඇමරිකාව දෙසට නම්මවා ගැනීමට උත්සහ කරන බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved