Connect with us

පුවත්

සුදු මැස්සා රෝගය මර්ධනය කරන්න ඉන්දුනීසියාවෙන් සහය

Published

on

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්ධනය කිරීමට තම රට යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ පිළියම් මෙරට පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීම සඳහා ලබාදීමට හැකි බව ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගස්ටිනා තෝබීන් (Dewi Gustina Tobing) මහත්මිය පැවසිය.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පසුගිය 17දා පැවැති සාකච්ඡාවකදීය.

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීමටත් පොල් වගාව දියුණු කිරිමටත් ඉන්දුනීසියාව අනුගමනය කරන ක්‍රමවේද සහ තාක්ෂණය ලබාදී සහයෝගය ලබා දෙන්නැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉන්දුනීසියානු තානාපතිනිය දේවී ගස්ටිනා තෝබීන් මහත්මියගෙන් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තානාපතිනිය මෙම එකඟතාව පළ කළාය.

අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස, හෙක්ටයාර එකත් හෙක්ටයාර පහත් අතර භූමියක ඉන්දුනීසියාවේ භාවිතා කරන දෙමුහුන් පොහොර යොදා පොල් වගාවක් සිදුකිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවව පළවිය.

මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් වගාව ඉහල තැනක තිබුණද අද එය පහල වැටී ඇති බවත් ඉදිරි වසර පහ තුල පොල්වලින් ලබා ගන්නා අපනයන ආදායම ඉහල නැංවීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි

Published

on

By

9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ආරම්භ විය. 

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි.

සමස්ත ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ලක්ෂ 1.6කින් යුක්ත වන අතර එය විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16ක් සමන්විත ය.

හරිත බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා හා සංස්කෘතික සංචාර ඇතුළු චීනය හා දකුණු ආසියානු රටවල් අතර ආර්ථීක වෙළඳ සහයෝගිතාවේ වැඩි අවස්ථා හිමි වන කර්මාන්ත එහිදී ප්‍රදර්ශනය කෙරේ.  

මෙම වසරේ, ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. 

විශේෂයෙන්, චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි.

මෙය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවට පත් කර තිබීම ද විශේෂිතය.

ඡායාරූප – CGTN ඇසුරෙනි

Continue Reading

පුවත්

මහනුවර ඇසළ පෙරහැරට දින නියම කෙරේ

Published

on

By

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර ඇත්තේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25දා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි. 

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළේය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30දා වීදී සංචාරය කෙරෙයි.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04දා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08දා) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved