පුවත්

සුදු මැස්සා රෝගය මර්ධනය කරන්න ඉන්දුනීසියාවෙන් සහය

Published

on

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්ධනය කිරීමට තම රට යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ පිළියම් මෙරට පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීම සඳහා ලබාදීමට හැකි බව ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගස්ටිනා තෝබීන් (Dewi Gustina Tobing) මහත්මිය පැවසිය.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පසුගිය 17දා පැවැති සාකච්ඡාවකදීය.

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීමටත් පොල් වගාව දියුණු කිරිමටත් ඉන්දුනීසියාව අනුගමනය කරන ක්‍රමවේද සහ තාක්ෂණය ලබාදී සහයෝගය ලබා දෙන්නැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉන්දුනීසියානු තානාපතිනිය දේවී ගස්ටිනා තෝබීන් මහත්මියගෙන් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තානාපතිනිය මෙම එකඟතාව පළ කළාය.

අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස, හෙක්ටයාර එකත් හෙක්ටයාර පහත් අතර භූමියක ඉන්දුනීසියාවේ භාවිතා කරන දෙමුහුන් පොහොර යොදා පොල් වගාවක් සිදුකිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවව පළවිය.

මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් වගාව ඉහල තැනක තිබුණද අද එය පහල වැටී ඇති බවත් ඉදිරි වසර පහ තුල පොල්වලින් ලබා ගන්නා අපනයන ආදායම ඉහල නැංවීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

Trending

Exit mobile version