Connect with us

විදෙස්

හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Published

on

ඊශ්‍රායලය, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ  කළු කොඩි මෙහෙයුමේ කොටසක් ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ සායිෆ් යන වරායන් තුනට සහ රාස් කනාටිබ් විදුලි බලාගාරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි.

2023 වසරේ නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් අල්ලා ගත් ගැලැක්සි ලීඩර් භාණ්ඩ නෞකාවට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව X සටහනක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.

ඉරානයට අත් වූ ඉරණමට හා සමාන ඉරණමක් යේමනයට ද අත්විමට නියමිත බවට, ඔහු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

Big Beautiful Bill පනතට අමෙරිකානු ජනපති අත්සන් තබයි

Published

on

By

Big Beautiful Bill ලෙස නම් කර ඇති පනතට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ එම පනත අමෙරිකාවේ පිළිගත් නීතීයක් බවට පත් කරමින් ය.

ධවල මන්දිරයේ පැවති මෙම උත්සවය සදහා ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විශාග පිරිසක් පැමිණ සිටියේ ය.

එම පණතට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 150 ක අයවැය වැඩිවීමක් ඇතුළත් වෙයි.

2017 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු ධුර කාලය තුළ සිදුකළ බදු කප්පාදු දීර්ඝ කිරීමද ඇතුළත් ය.

අඩු ආදායම්ලාභීන් සහ ආබාධිතයන් සඳහා රජය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා යෝජනා ක්‍රමය සඳහාද දැඩි කප්පාදු සිදුවනු ඇති.

අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහනද ඊට ඇතුළත් වෙයි.

ආගමන සහ රේගු බලාත්මක කිරීම සඳහා මෙම පනත මගින් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 100 කි.

කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුව මෙම පනත පසුගියදා සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 218ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 214කි.

එරට ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා මෙන්ම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකුද ඊට විරුද්ධවූවන් අතරට ඇතුළත් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved