Connect with us

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (08) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජුලි 08 ප.ව.3.28 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-08

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-08

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 8, 2025

Continue Reading

පුවත්

ත්‍රිකුණාමලයේදී සංචාරකයන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වූවන්ට නීතිමය පියවර ගන්නවා

Published

on

By

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිදුවූ සංචාරකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධ වැරදිකරුවන්ට අදාළව නීතිමය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඒ අනුව, ත්‍රිකුණාමලයේ සංචාරකයින් සම්බන්ධයෙන් වාර්තා වූ එම අවාසනාවන්ත සිදුවීම බැරෑරුම් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වූ බවත්, මේ වන විටත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ සාමය සහතික කිරීමට තමන් කැපවී සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (07) රාත්‍රියේ ඇලස්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති සාදයකදී විදේශිය කාන්තාවක අනවශ්‍ය අන්දමින් ස්පර්ශ කිරීමට උත්සහ කල අයෙකුගෙන්  ඔහුගේ සැමියා ප්‍රශ්න කිරීමට යෑමේදී අදාළ පුද්ගලයා හා තවත් අයෙකු එම විදේශිකයාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය.

මෙම පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු උප්පුවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර,අදාල සැකකරු අද (08)  දින ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා මේ වන විට පොලිසිය මගහැර සිටින අතර,ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව උප්පුවේලි පොලිසිය පවසයි.

🎬 ©️ වීඩියෝ – කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුව

Continue Reading

පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇප

Published

on

By

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හෝ මේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මෙම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළේය.

ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඉතිරිව ඇත්තේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම නිසා බැංකු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට තම සේවා දායකයාට හැකියාවක් නොමැති බව පැවසුවේය.

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා කිරිමට නියම කළ අතර අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 14 වන දා කැඳවන ලෙස නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved